මේ ඉන්නෙ මගේ ගෑනි තමයි අට පිරිකරේ හාමුදුරුවනේ............


ම අද කියන්න යන්නෙ අපිත් එක්ක වැඩ කරන එකෙක් කියපු එල කතාවක්  ඒත් "අවාසනාවට ඇත්ත කතාවක්ද"  කියලා නම් මම දන්නෑ......... ඕන්...........
                               මොකද මට කතාව කියපු බුවාට අපේ ලන්කාවේ        සෙට් එකම කියන්නෙ "බොරුගොඩ" කියලා බුවාගේ ගම අම්බලන්ගොඩ හින්දා අම්බලන් කියන කෑල්ල කපලා තමයි ඔය අම්බලන්බොරුගොඩ කියන නම රෙජිස්ටර් කරලා තියෙන්නෙ ඒ තරමටම ඇත්ත කියන නිසානෙ ඔය නම දාලා තියෙන්නෙ නමෙන් හිතා ගන්න පුළුවන්නෙ ඉතින් කොහොම පොරක්ද කියලා.................
                                අපිත් එක්ක ඉන්න හුගාක් උන්ට ලොකු ප්‍රස්නයක් වෙලා තියනවා ඇත්තටම ලන්කාවේ      ඉන්න තමන්ගෙ ප්‍රියම්බිකාව පතිදම් කියලා මොකක්ද එකක් රකිනවද කියන සැකය........................
                                             ඉතින් ඔය සැකය සාදාරනයි කියන්න තමයි බොරුගොඩයා මේ කතාව කිව්වෙ අහන්නකො එහෙනම්..............


    බොරුගොඩයාට ඉන්වලු යාළුවෙක් පීටර් කියලා  ඉතින් පීටර් ගියාලු රට ගිහින් අවුරුදු තුනක් විතර ඉදලා "මම එන්නෙ ඩුබායි රටේ ඉදලා...... ම්බ කරපු සල්ලි මා ලගයි."  කියලා ලන්කාවට ඇවිත්....   ටික දවසකින් ගම වටේ රවුම්ක් ගහන කොට රොයිටර්, අල්ජසිරා එකේ පීටරයාගේ ගමේ වාර්තාකාරි වෙච්ච කුසුමාව මුන ගැහිලා....

රොයිටර් කුසුමා- "ආ......... මේ අපේ පීටර් මලයානේ කවදද? බන් ලන්කාවටට අවේ මට උබව අදුරගන්නත් බැරි උනා.... බන්......"
පීටර්- "දවස් දෙක තුනක් වෙනවා අක්කේ..... කොහොමද ඉතින් ගමේ විස්තර එහෙම ගම හුගාක් වෙනස් වෙලානේ පාරවල් කොන්ක්‍රිට් කරලා........ මම  විතරක් නෙවෙයි අක්කාත් වෙනස් වෙලානේ......"
රොයිටර් කුසුමා- "ඈ... මල්ලියේ උබට ගම විතරද වෙනස් වෙලා පෙනුනේ  උබේ ගෑනිගෙ වෙනසක් එහෙම දැක්කෙ නෑතෑ.........
පීටර්- හි... හී . හීහි...... මොකද නැත්තෙ ඉතින් හුග කාලෙකින්නෙ............"
රොයිටර් කුසුමා- "පුදුමයි.... උබට වෙනසක් දැනුනා කිවාම ලැසියා උබ නැති කාලේ සාන්ගික වෙලානේ හිටියෙ......."
පීටර්- "මොකක්ද? බොල උබ කිව්ව හරුපේ තේරුම ආයිත් කියපන් මට තේරෙන්න......"
රොයිටර් කුසුමා- "මල්ලියේ කාටවත් කියන්න නම් එපා මම කිවා කියලා.. උබේ ගෑනිටනම් කොහොමත් එපා......"
පීටර්- "ඉතින් කියපන් අක්කේ............."
රොයිටර් කුසුමා- "උබ කලබල වෙන්න එපා.... ලැසියයි ගමේ පන්සලේ හාමුදුරුවොයි අතරේ සම්බන්දයක් තියෙනවා........ ඔය ගැන වැඩිය හිතන්න එපා මල්ලියේ මේ වෙලාවේ කල්පනා කරලා වැඩ කරපන්... කවුරු නැතත් උබට අපි ඉන්නවා..... හවස් වෙලා අපේ ගෙදර දිහා වරෙන්කො.......... ඉතින් ...... මම යනවා. ඕන්..............."
පීටර්- "හා.......... හොදයි.... අක්කේ....."

රොයිටර් කුසුමා කියපු දේවල් ගැන පීටර් කලබල උනේ නෑ තව ටිකක් හොයලා බැලුවා පීටර් දැන ගන්න ලැබුන විදියට කාරනාව ඇත්ත ඔය අතරෙම තමයි පීටර්ගේ යාළුවෙක් පෝන් එකකින් ගත්ත පොටෝ ටිකක් පෙන්නුවේ මේ පොටෝ වල පීටර්ගෙ ගෑනිගෙ වාගෙම හාමුදුරුවන්ගෙ මුනු පැහැදිලිව දැක ගන්න පීටර්ට අපහසු උනේ නෑ......................
 පීටර් කෙලින්ම ගියා පන්සලට පීටර් එනවා දැකලා හමුදුරුවෝ බය වෙලා ඉන්න බව ඈතදිම දැක්ක නිසා පීටර් පොඩි හිනා පාරක් දාගෙනම හාමුදුරුවෝ ලගට ගියා.............


හාමුදුරුවෝ- "ආ....උපාසක.... මහත්තයා... ආවා කියලනම් ආරන්චි උනා... ඒත් ඉතින් අදනේ දැක්කේ කො..... ඉතින් උපාසක නොනාත්  එක්කම එන්න එපෑ............."

පීටර්- "එහෙයි..... හාමුදුරුවනේ...... මම මේ ආවේ හාමුදුරුවනේ....මේ...... අපේ ගෙදර පොඩි සාන්ගීක දානයක් දෙන්න කියලා.... කතා කර ගන්න..."
හාමුදුරුවෝ- "ආ.. ඒවා.... හොද වැඩ උපාසක මහත්තයෝ........"
පීටර්- "හැබැයි හාමුදුරුවනේ..... මේ පලාතේ ඉන්න නායක හාමුදුරුවෝ වහන්සෙලාටම ආරාධනා කරන්න ඕන..........."


ඉතින් හාමුදුරුවෝත් කැමති උනා.. පීටර්ලාගේ ගෙදර දානෙට වඩින්න. පීටර්  අටපිරිකර එහෙමත් ගෙනැල්ලා තිබ්බා.... ඔන්න ඉතින් දනේ දවසත් උදා වෙලා අට පිරිකරත්  පුජා කරන්න පටන් ගත්තලු හාමුදුරුවරු දොලොස් නමක් වැඩලා ඉන්න එකේ පිරිකර තියෙන්නෙ එකොලහයි ගමේ පන්සලේ හාමුදුරුවන්ට පුජා කරන්න අටපිරිකරක් මදියි........ පීටර්ගේ ගෑනිගෙනුත් බර බරෙලු............ කොහොම හරි ලැසියාත් එක්කරගෙන පීටර් ගමේ පන්සලේ හාමුදුරුවෝ ගාවට ගියා................

පීටර්- "හාමුදුරුවනේ එක පිරිකරක් අඩුයිනේ................."
හාමුදුරුවෝ- "එකනේ උපාසකයා...මහත්තයා.. මම ලියලා දුන්නානේ පිරිකර දොලහක් කියලා......"
පීටර්- "ඉතින් හාමුදුරුවනේ..... මේ ගෙදර හාමුදුරුවන්ට අට පිරිකරක්  තියෙනකොට මම මොකටද කියලා හිතුනා පිරිකර ආයෙත් ගෙන්නේ 
හාමුදුරුවෝ- "කෝ.... ඉතින් ඔය කියන අට පිරිකරේ.............?"
පීටර්- "මේ ඉන්නෙ මගේ ගෑනි තමයි
අට පිරිකරේ හාමුදුරුවනේ මම හාමුදුරුවන්න්ට පුජා කරනවා.... මට මොකටද සාන්ගික වෙච්ච දේවල් මේ ගමේ නොයිද අරන් ගියොත් හොදයි නේද..........."

ඔන්න ඔහොම තමයි  සීන් එක වෙලා තියෙන්නෙ ඇත්තද කියලානම් මම කියන්න දන්නෑ.. තවත් දෙයක් හිතන්න එපා මම අන්තවාදියෙක් කියලා ආගමට නින්දා කලා නෙවෙයි....  ඇත්ත චුට්ටක් තිත්තයිලු මේ වාගේ දේවල් ඇත්තටම වෙනවා. ඕන්..............



හිතෙන දෙයක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා............
  • Share On Facebook
  • Digg This Post
  • Stumble This Post
  • Tweet This Post
  • Save Tis Post To Delicious
  • Float This Post
  • Share On Reddit
  • Share On LinkedIn

4 comments:

ela peetara

 

ඇත්ත නම් කොහොමත් තිත්තයි බන්...උබව ලාංකීය සිතුවිලි ගිහින් ඔන්න...

 

නියම ආතල් කතාව..මම සින්ඩියක මෙ ලිපිය දැකල බලන්න ගත්ත විතරයි අපෙ ගෙදර කරන්ට් එක නැති උනා . ඒ ගමන් මට මතක වෙල ගියා ,මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකෙන් තමයි අයෙත් බලන්න සෙට් උනේ

 

සිහින දනව්ව, ඩිලාන්, බුවා තුන් දෙනාටම බොහොම ස්තුතියි........... Comment කලාට

 

Post a Comment

Post a Comment