බයියා ඇස් කන්නාඩි නොමිලේ ගත්ත හැටි..............


ම අද ලියන්න කියලා හිතුවෙ අර මම කිව්ව "රුබෙල්ලා විදින්න ගියබයියා " ගැනම තමයි. ඔයාලා දන්නවනෙ ඉතින් ඔය ඇස් පෙනීම දුර්වල ළමයින්ට නොමිලේ ඇස් කන්නාඩි ලබා දෙනවා කියලා ඉතින් අපේ බයියාත් ඉතින් සිලෙක්ට් වෙලා  නොමිලේ ඇස් කන්නාඩි ගන්න යන්න. අපේ සෙට් එකටම පුදුමයි මුට ඇස් පෙන්නෑ කියලා කිව්වහම ඉතින් අපි ඇහුවා බයියා ගෙන් ඇස් පෙන්නෙ නැත්තෙ ඇයි.? කියලා

මම- "බයියො..... ඇත්තටමද.. උබට ඇස් පෙන්නෑ කියන්නෙ...?"
බයියා-' ඔව් යකෝ...... මට ඇත්තටම  ඇස් පෙන්නෑ..."
රුකා- "එහෙනම් කියපන්කො උබට ලගද නැත්නම් දුරද පෙන්නැත්තෙ කියලා...?"
බයියා-" දුර.. මච.....න්..."


                          බයියා කොහොම කිව්වත් අපි දැන ගෙන හිටියා ඌට ඇස් පෙන්නෑ කියන්නෙ නම් බොරුවක් තමයි කියලා ඉතින් බයියා කන්නාඩි ගන්න ගිහින් ආවේ කට කනේ තියාගෙන ඇවිත් කියනවා

බයියා-  "උබලා... කිව්වාට මට කන්නාඩි හම්බවෙන්නෑ කියලා මට ඒකක් හම්බ උනා......"
මම- "ඉතින්.... කෝ... උබේ... ඔය කන් අඩි දෙක.....?"
බයියා- "මේ තියෙන්නෙ...."


                           බයියා ඉතින් අපිට ඌට ලැබුන කන්නාඩි දෙක පෙන්නුවෙ රටක් රාජ්ජයක් ලැබුන ගානට තමයි. මු අපිට දාලත් පෙන්නුවා වැඩෙ කියන්නෙ හරියට මුගේ කන්නාඩි දෙක හරියටම කියනවනම් බෝතල් අඩි දෙකකින් හදලා වගේ තමයි පෙන්නෙ හරියටම කියනවනම් බයියාගෙ මුන දැක්කාම හරියට මොන්ගල් පොරක් වගෙ අපේ උන් ටිකත්  මුව හොදට බයිට් කලා.
                           

  ටික දවසකට පස්සෙ  බයියා ඇස් කන්නාඩි දාන එක නතර කලා. ඉතින් අපේ සෙට් එකට මේක ලොකු ප්‍රස්නයක් (බයියා කන්නාඩි දාන්නෙ නැති එක) අපි බුවාව බයිට් කරන නිසාද දන්නෙ නෑ නේ ඉතින් අපි හිතා ගත්තා ආයමත් බයියාව බයිට් කරන්නෑ කියලා ඇයි දන්නවද? ඔයදේ අපිට උනානම් අපිත් බයිට් වෙන නිසා කියලා අපි අහලා බැලුවා ඇස් කන්නාඩි දන්නෙ නැති හේතුව මොකක්ද? කියලා...............
 

මම-"බයියො... උබ මොකද කන්නාඩි දාන එක නතර කලේ...?"
බයියා- "මගේ ඔලුව රිදෙන්න ගත්තා... මචන් නැතුව උබලාට බයේ එහෙම නෙවෙයි..."
රුකා- "උබට රිදෙන්න.. ඔලුවක් තියනවා කියලා... ඇහුවේ අද තමයි.. බොරුවට කන්නාඩි දාන්න ගියාම ඔහොම තමයි..."
මම-" ඇත්තටම ..මචන් කොහොමද උබ කන්නාඩි දෙකක් ගත්තෙ උබට හොදට පෙනවානේ...?"

ඉතින් ඒ වේලාවේ නම් කිව්වේ නෑ කොහොමද ගත්තෙ කියලා ඉතින් ඊට පස්සෙ කිව්වා කොහොමද බයියා නොමිලේ ඇස් කන්නාඩි ගත්තෙ කියලා සුදු බෝඩ් එකක කලුපාටට අකුරු ගොඩක් තිබුනලු. ඉතින් බයියාට කිව්වලු කියවන්න කියලා ඉතින් මුට හොදට පැහැදිලිව අකුරුත් පේනවලු ඒත් බයියා කියලා තියෙන්නෙ වැරදි විදිහට ඒ කියන්නෙ A  අකුර පෙන්නුවාම H කියනවලු  E අකුර පෙන්නුවාම
F කියනවලු   ඔන්න ඔහොම තමයි බයියා ඇස් කන්නාඩි අරන් තියෙන්නෙ






ඔයාලාට හිතෙන දෙයක් අකුරු කරලා යන්න නම් අමතක කරන්න එපා.... ඒක මට ලොකු ශක්තියක්..........
  • Share On Facebook
  • Digg This Post
  • Stumble This Post
  • Tweet This Post
  • Save Tis Post To Delicious
  • Float This Post
  • Share On Reddit
  • Share On LinkedIn

3 comments:

මු නම් රජ බයියෙක් තමා,,,එල එල තව බයියගේ කතා දාහං

 

මචෝ හැකිනම් මේ word verification එක යින් කරන්න. ඔයාට අදහස් දක්වන හැමෝටම ඒක පහසුවක් වේවි. settings වල - comments setting වලින් ගිහින් ඒක හදන්න පුළුවන්

 

ස්තුතියි..මචෝ..... ඔන්න word verification අයින් කලා

 

Post a Comment

Post a Comment